ලංවිම සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී විනය නීති පනවමින් චක්‍රලේඛයක්

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට සමාජ ජාල වෙබ් අඩවි සහ මෘදුකාංග භාවිතය සම්බන්ධයෙන් නව රෙගුලාසි පනවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග භාවිතයේදී මණ්ඩලයේ නීති පටිපාටි උල්ලංඝන​ය නොකිරීමට සහ එහි ප්‍රතිරූපය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙන්නේ.

එසේම විවිධ අවස්ථාවලදී ඇතැම් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් එහි ප්‍රතිරූපයට හානි වන අන්දමින් සමාජ මාධ්‍ය පරිහරණ​ය කරන අවස්ථා වාර්තා වී ඇති බවයි එහි සඳහන් වන්නේ.

නිල නිවේදන පළ කිරීමේ අයිතිය ඇත්තේ අදාළ බලය පවරන නිලධාරියෙක්ට පමණක් බවත් ආයතනික අභ්‍යන්තර ලිපි ලේඛණ තොරතුරු බාහිර පාර්ශවයන් වෙත පත් කිරීම නොකළ යුතු බවද එහි සඳහන්.

එසේම මණ්ඩලය සතු රහස්‍ය තොරතුරු හෙළි කිරීම, අපහාසාත්මක, අසත්‍ය, කාමුක දේශපාලනික හෝ වෙනත් කරුණු, මහජනතාව නොසන්සුන් කළ හැකි සාවද්‍ය පුවත් හා ආයතනය අපකීර්තියට පත්වන ප්‍රකාශ සමාජ මාධ්‍ය Upload කිරීම, පෝස්ට් කිරීම, Forword කිරීම හෝ බෙදාහැරීම නොකළ යුතු බවද සඳහන්.

ඉහත කරුණු උල්ලංඝණය කරන ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට හා නිලධාරීන්ට දැඩි විනයානුකූලව කටයුතු කරන බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *