ශකිබ් අල් හසාන් මහ මැතිවරණයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු එරට පාලක Awami ලීගය ඔස්සේ ඔහු මැතිවරණයට තරග කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට ඔහුගේ නාම යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ශකිබ් අල් හසාන් Magura-1 මැතිවරණ කොට්ඨාසයෙන් මැතිවරණයට තරග කරන අතර, ජනවාරි 7 වැනිදා එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *