අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න – අර්ජුන රණතුංග

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට තමාට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත් රටට ආදරය කරන ක්‍රීඩකයින් පිරිසක් සාදා ගැනීම තම මුලික කටයුත්ත බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *