paripalaka

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි

දේශගුණික යුක්ති සංසදය පිහිටුවීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට. පරිසර දූෂණය පාලනය සහ ස්වභාවික විසඳුම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම අවශ්‍යයි. දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීමට විද්වත් මණ්ඩලයක් – ජනපති COP28 සමුළුවේ දී අවධාරණය කරයි. පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත්…

Read More

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දූෂණ අක්‍රමිකතා මැඩලීමට පියවර ගෙන තිබෙනවා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බවත්, එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

Read More

වැඩ බලන පොලිස්පතිවරයාගේ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා. මෙම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබූ අතර එම පත්කිරීම එම සභාව විසින් අනුමත කර තිබෙන බව කතානායකවරයා තහවුරු කළා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ජනාධිපතිවරයා විසින් මාස…

Read More

අ.පො.ස උසස් පෙළ සිසුන්ට මෙවරත් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අද (01) දින…

Read More

අද කාලගුණ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, 2023 දෙසැම්බර් 03 දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද…

Read More

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා කඩඉම් ලකුණු අද (01) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබුණා. අදාළ කඩඉම් ලකුණු මෙතැනින් ලබාගත හැකියි.

Read More

ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා. ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Read More

ඩයනා, සුජිත් සහ රෝහණ බණ්ඩාරට මාසයක පාර්ලිමේන්තු තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාරගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී ඔවුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මේ බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම කාරක සභාවේ…

Read More

නොවැම්බර් මාසයේ සංචාරකයින් 137,000 ක් දිවයිනට

2023 නොවැම්බර් මස මුල් දින 27 තුළ දී සංචාරකයින් 137,703 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2023 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,263,158 ක් ලෙසයි දැක්වෙන්නේ. නොවැම්බර් මාසයේ පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ, ඉන්දියාව, රුසියාව, ජර්මනිය,…

Read More

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Read More