News Editor

News Editor

ලංවිම ස්වෙච්ඡා ගැන්වීමේ අර්බුදය ඔඩුදුවයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. එම සේවකයින් පෙන්වා දෙනුයේ ලංකා විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය අවස්ථා කිහිපයකදීම කල් දැමීම හේතුවෙන්…

රාජිත සේනාරත්නට එරෙහි කෝටි 2ක දූෂණ නඩුව ජූලි 10 යළි කැඳවයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජූලි 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත්…

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව පෙබරවාරියේ දිවයිනට

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සැලසුම් කළ ආසියානු සංචාරයට සමගාමීවයි මෙම පැමිණීම සිදු වන්නේ. ඊට අදාල නිශ්චිත දිනයන් දිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි සඳහන්.

මධ්‍යම පළාතේ 10 වන ශ්‍රේණියේ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිට කළේ විදුහල්පතිවරයෙක් දැයි සැක

මධ්‍යම පළාතේ පාසල්වල 10 වන ශ්‍රේණියට අදාළ තෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර 03ක් පිටවීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විභාග දිනයට පෙර දිනයේදී විද්‍යාව, ගණිතය හා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටවී ඇති බවයි පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින්…

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (30) දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ලබන සදුදා දක්වා යළි කල් දමා තිබෙනවා. එහි සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ ඊයේ පැවති තම සංගමය විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත්…

දිවයින පුරා මාරක රිය අනතුරුවලින් තරුණයින් තුනක් ඇතුළුව පස් දෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ පලෙයි, වාරියපොළ, පාදුක්ක, බුලත්සිංහල සහ එගොඩඋයන යන ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු පහකින් කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පලෙයි ප්‍රදේශයේ දී ටිපර් රථයක් යතුරුපැදියක් අභිබවා යාමට උත්සාහ කිරීමේදී සිදු වූ ගැටීමකින්…

දිනකට පිළිකා මරණ 40ක්

මෙරට දිනකට නව පිළිකා රෝගීන් සියයක් හඳුනා ගැණෙන අතර, ඉන් රෝගීන් හතලිස් දෙනෙකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසනවා. ඇය මේ බව සඳහන් කළේ පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබෙන ලෝක පිළිකා දිනට සමගාමීව…

ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටුවෙයි

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 16වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු මරණයට පත්වූ අතර, කුඩා පිරිමි දරුවෙකු…

GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබා දී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසයි. අදාළ කාලය තුළ රජය කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදීම තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින…

පාසල් සංවර්ධන නිලධාරින් පස්වන දිනටත් මාරාන්තික උපවාසයේ – තවත් අයෙක් රෝහල්ගත කෙරේ

ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර තිබේ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.…