News Editor

News Editor

රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග යුදමය තත්ත්වය මෙරට තුළ ඩොලර් අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරගැනීමට ගතයුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.  ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ අද (20) පැවති…

ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඔවුන් පවසන්නේ අමෙරිකාව නැවත ප්‍රහාර එල්ල කළහොත්, මෙම යුද්ධය මැද පෙරදිගින් ඔබ්බට…

මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට

මෙවර ශ්‍රීපාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, හැටන් කොට්ඨාසයේ, හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද වැටලීම්වලදී එම…

කපිලට ඇප දුන් ව්‍යාජ ඇපකරුවන් ඇතුළු හතරකට ඇප

අබිරහස් ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් බව කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව රක්ෂිත…

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය 

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (20) පස්වරු 4ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.  එම අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ…

ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල…

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම සඳහා දක්වන උනන්දුව අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල  අද  (20) ජනතා අයිතියට පත්කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය…

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානිසුරේෂ් සලේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.  දැඩි ආරක්ෂක විධිවධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මොහු අධිකරණයට රැගෙන විත්…

වාර්ෂිකව මෙරටින් දරුවන් 45-60ත් තැලසීමියා සමඟ උපදින බව සෞඛ්‍ය අංශයෙන් අනාවරණයක්

මෙරට තැලිසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී ඇති අතර වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් තැලසීමියා තත්ත්වය සමඟ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා පවසයි. ජාත්‍යන්තර තැලසීමියා රෝග දිනය මෙම මස 8 වෙනිදා…