News Editor

News Editor

වැස්ස නිසා දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ

රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ  දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය. පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම…

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි 

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවා.  පුවක්පිටිය තුම්මෝදර හංදිය,…

කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් 

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ,…

IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන ලබන සතියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන එළැඹෙන සතියේ බදාදා දින සලකා බැලීමට නියමිත බවයි. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය. පසුගිය…

ඉදිරි පැය කිහිපය තුළ කළුගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ…

කටුනායක වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් වැස්ස නිසා මත්තලට හරවා යවයි

පවතින අයහපත් කාලගුණය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.  අප වාර්තාකරු පැවසුවේ, වර්ෂාධික කාලගුණය මධ්‍යයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 6ක් පමණ මෙලෙස මත්තල ගුවන්තොටුපොළට යොමුකර ඇති බවය. 

දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන…

නිරිත දිග මෝසම සක්‍රීය වෙන ලකුණු – තැන් කිහිපයකට මි.මී 200ට වැඩි ඉතා තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපය තුලදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ…

“සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..” – බලශක්ති ඇමති 

සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අරුණ කරුණාතිලක මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක මහතා…

ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

ඉබෝලා වෛයිරසය මැඩපැවැත්වීම සදහා එන්නතක් නිපදවීමට තවත් මාස 9ක පමණ කාලයක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එම සංවිධානය පෙන්වා දෙන්නේ එම කාලය තුළ එබෝලා වෛයිරසය ආසාදන තත්ත්වය ඉහළ අගයක් ගන්නා රටවල මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක්…