රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද (02) දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.
පෙත්සම් විභාගයේ පළමු දිනයේ කටයුතු ඊයේ රාත්රී 10.30 දක්වා පැවති අතර, එහිදී පෙත්සම්කරුවන් රැසක් අධිකරණය හමුවේ සිය කරුණු දැක්වීම් සිදු කළ බවයි වාර්තා වන්නේ.
ඊයේ පෙත්සම් විභාගය ආරම්භයේදී පෙත්සම්කාර ශ්රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, අදාළ පෙත්සම් පූර්ණ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන ප්රධාන පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම ඉල්ලීම ප්රතික්ෂේප කළ අතර, දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම් විභාගය පැවැත්වීමට තීරණය කළා.
අද දිනයේදී ද පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන මෙන්ම අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් ද සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.








