2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 09 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.

ඊට සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 ක් වශයෙන් මුළු සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටි බවයි වාර්තා වන්නේ.