විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධතාවක

සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (02) විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

එම ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වන්නේ නම් එළඹෙන සතිය තුළ මෙම විරෝධතා තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.