Month July 2026

මිලියන 3,811ක නීතිවිරෝධී දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්

2024 වර්ෂයේ සිට 2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 3,811ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අදාළ කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ,…

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (31) සවස 04.00ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකියි. මෙහිදී…

ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේ

චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය 27 වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීනයේ Moonshot AI සමාගම පියවර ගෙන ඇත. ‍ ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI…

කොළඹ උද්ධමනය ජුලි මාසයේදී සියයට 7.3 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ එය පසුගිය ජුනි මාසයේ තිබූ 6.8%ක අගයේ සිට 7.3% දක්වා ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම ආහාර උද්ධමනයද පසුගිය වසරට…

හස්ත කර්මාන්ත අධිකාරියක් පිහිටුවීමට සැලසුම්

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (National Design Centre) සහ ලක්සල ඒකාබද්ධ කර 2027 වන විට “ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය. මෙම…

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් – අයෙකු මරුට

ලිදුල ප්‍රදේශයේ තේ වත්තක වැඩකරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5දෙනෙකු ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේ නමුත් රෝහල්ගතකළ සෙසු පිරිසෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ…

පාකිස්තානයේ ගල් අඟුරු පතලක පිපිරීමක් – 34ක් මරුට

දකුණු පාකිස්තානයේ ගල් අගුරු පතලක සිදුවු පිපිරීමකින් කම්කරුවන් 34දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. එමෙන්ම මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත්…

නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන යුද හමුදාපති ලෙස පත් කර තිබේ.  ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති…

දුම්රියේ වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ආයතනයකට ලක්ෂ 5ක දඩයක්

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ. අදාළ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින්…

නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යට වෙයි

​මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ මාර්ගය සකසමින් සිටියදී කම්කරුවෙකු මත පස් කන්දක් කඩා වැටී තිබේ.  ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු අද (31) දහවල් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. ​ මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හේවාහැට, මුල්ඔය ජනපදයේ පදිංචිව සිටි…