ඉරානයෙන් එල්ල වූ නව මිසයිල ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයෙන් ව්‍යර්ථ කරයි

ඉරානයෙන් එල්ල වූ නව මිසයිල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කිරීමට කටයුතු කළ බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල හමුදාව ටෙලිග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයෙන් දියත් කළ මිසයිල හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රහාර ව්‍යර්ථ කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. 

එමෙන්ම වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ ජෙරුසලම ආසන්නයේ පිපිරීම් ශබ්ද කිහිපයක්ම වාර්තා වී ඇති බවය.

කෙසේ වෙතත් මෙම නවතම ගැටුම්කාරී තත්ත්වය හමුවේ බොරතෙල් මිල සියයට 3කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල නැවතත් ඩොලර් 96 සීමාව ඉක්මවා ගොස් තිබේ.