සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72 ක් අද වැඩ වර්ජනයක

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් රජය විසින් විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසනවා.

වෛද්‍යවරුන් සඳහා ලබාදුන් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බව එම ව්‍යාපාරයේ කැදවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *