බාල එන්නත් සිද්ධියට අදාලව සෞඛ්‍ය ලේකම් CIDයට කැඳවයි

බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 10කට ආසන්න කාලයක් අතිරේක ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

හදිසි මිලදී ගැනීම්වලට මුවාවී ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ නඩුව ගොනුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *