තිලංග සුමතිපාල සහ මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුර දැරූ තිලංග සුමතිපාල සහ මහින්ද අමරවීර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා විසින් ඉල්ලා අස්වීමේ ලිපි තමා වෙත යොමුකළ බවයි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ‍පවසන්නේ.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගැනීම හේතුවෙන් මහින්ද අමරවීර සන්ධාන මහ ලේකම් ධුරයෙන් ඉවත් කර පසුව තිලංග සුමතිපාල එම තනතුරට පත් කර තිබුණා.

ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර, මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබුණේ ලේකම්වරු දෙදෙනාම පිළි නොගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *