කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විනිසුරුවරිය විසිනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඊයේ (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයාට දැනුම් දී තිබුණු නමුත් ඔහු ඒ සදහා නොපැමිණ ඇති අතර, හෙට (02) උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරි​ය නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *