කරුවලගස්වැව වෙඩි තැබීමක්

කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඊයේ (30) රාත්‍රීයේ එම වෙඩිතැබීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *