සජබේ රැලියකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි කිහිපයක වාහන ගමනාගමනයට බාධා කිරීම තහනම් කරමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අද(30) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියෙන් ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත විරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත සහ ජුම්මා හන්දිය හරහා සංඝරාජ මාවතේ කටයුතු අවහිර කිරීම අධිකරණ නියෝගයෙන් තහනම් කර ඇත.

සමගි ජන බලවේගය (30) කොළඹදී සූදානම් කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *