බිහිසුණු රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙක් මරුට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද(30) සවස සිදු වූ රිය අනතුරක් විදේශිකයන් දෙදෙනෙක් මිය ගොස් ඇත.

යතුරු පැදියක් හා බස් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව තිබේ. මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී බස් රථයේ පිටුපස ගැටී මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැ‌ටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර පසු පැදිකාරිය වලාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණකරු සහ මරණකාරිය විදේශ ජාතිකයන් දෙදෙනෙක්වන අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *