සමගි ජන බලවේග රජයකදී මාර්ගගත සුරක්ෂිතතා පනතට කරන දේ

ජන පීඩිත මාර්ගගත සුරක්ෂිතතා පනත සමගි ජන බලවේග රජයක් තුළ ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධ පනත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්

එමෙන්ම, රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කර ගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ල කා මර්දනය ක්‍රියාත්මක කිරීමට බවයි ඔහු පැවසුවේ

ඒ අනුව, මේ පනත හරහා මේ රටේ සුවහසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔහු මෙහිදී පැවසුවා

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන රජයක් තුළ මේ පනත අහෝසි කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *