සංචාරය නිම කරවා මව් රටට යන්න ගිය ඔිස්ට්‍රියා ජාතිකයා මරු

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවරපිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී අද (26) අලුයම ඕස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි

මියගිය පුද්ගලයා schusccr woifgamg නැමැත්තෙකි

අදාළ වෑන් රථ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

60 හැවිරිදි ඔහුගේ මව තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත

මියගිය පුද්ගලයා මව සහ පියා සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ හික්කඩුව සංචාරක හෝටලයේ නවාතැන් ගෙන යලි මවුරටට යාම සඳහා ගැලනිගම අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා සුඛෝපභෝගී වෑන් රථයෙන් යමින් සිටියදී

මෙම මාරක අනතුර වී තිබූ බව පොලිසිය කියයි

වෑන් රථය පැදවූ මෙරට රියදුරු ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කර මාර්ගයේ වම් පසට ගැනීමත් සමගම ආපදාවකට ලක්ව මාර්ගයේ එක් මං තීරුවක නවතා තිබූ ලොරි රථයේ පිටුපස ගැටීමත් සමඟම රියදුරු වෑන් රථය දකුණට හැරවීමේදී වෑන් රථයේ වම් බඳ පෙදෙසට දැඩි අලහභානිවී වට දෙකක් කැරකි මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් කොට්ටාව දෙසට මුහුණලා වෑන් රථය නතර වී ඇතැයි පොලිසිය කියයි

අනතුර වෙන අවස්ථාවේදී මවුපියන් දෙදෙනා සහ මියගිය පුතු , වෑන් රථයේ පිටුපස ගමන් කර ඇතැයිද ඔහු වෑන් රථයේ වම්පසට වන්නට අසුන්ගෙන සිටීම හේතුවෙන් මෙලෙස බරපතල තුවාල සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි

වෑන් රථය පැදවූ මහනුවර පදිංචි 30 හැවිරිදි රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *