රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරුට

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ තවත් අයෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඔහුගේ රථය , ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *