‘ධීවර සුව සවිය’ හෙට සිට

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නගාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කරනවා

මෙම වැඩසටහනෙහි පළමු අදියර මෙම මස 26 වැනිදා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *