සමූහ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය සදුදා(22) බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු සහ අපරාධය සඳහා යොදා ගත් වාහනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, 54 හැවිරිදි සැකකරු ඝාතනයට පැමිණි වාහනයේ රියදුරා ලෙස මෙම අපරාධය සැලසුම් කර ඇති බවටයි.

ඔවුන් පැමිණි අංක 65–2615 දරණ ජීප්රථය ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිසිය සැකකරන්නේ ඝාතනයෙන් අනතුරුව එම ජීප්රථය හක්මණ, කඹුරුපිටිය, අකුරැස්ස, යක්කලමුල්ල හරහා ගාල්ලට පැමිණි බවටය.

අපේ ජන බල පක්ෂයේ නායක ඇතුළු පිරිස තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් සඳහා පෙනිසිටීමට යන අතරතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ දී පෙරේදා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *