හිමිනමකට වෙඩි තබා ඝාතනය කෙරේ

ගම්පහ, මල්වතු – හිරිපිටිය, කහටාන ගණාරාම මහා විහාරයේදී හිමිනමකට වෙඩි තබා ඝාතනය කර තිබේ.

43 හැවිරිදි කලපලුවාවේ ධම්මරතන නම්වූ උන්වහන්සේ අපවත්වී ඇත්තේ ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

වැලිවේරිය විහාරස්ථානයක වෙසෙන උන්වහන්සේ තාවකාලිකව කහටාන ගණාරාම මහා විහාරයේ සිට ඇති බව පොලිසිය සදහන් කරයි.

උන්වහන්සේ දහවල් දානය වලඳමින් සිටින අතරතුර විහාරස්ථානයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට පොලිසියෙන් බව පවසා පැමිණි පිරිසක් වෙඩි තබා මෝටර් රථයකින් පලාගොස් ඇතැයි සදහන් වේ.

පොලිසිය පැවසුවේ, වෙඩිතැබීමට ටී 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *