‘විශ්ව බුද්ධි’ 26 තෙක් රිමාන්ඩ්

බුදු දහ­මට අප­හාස වන අයු­රින් ප්‍රකාශ නිකුත් කර ජන­තා­වගේ ආග­මික සංහි­ඳි­යා­වට බාධා වන අයු­රින් කට­යුතු කළැයි අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් රත්න­පුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධ” නමැති චීව­ර­ධා­රියා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස ගංගො­ඩ­විල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් සුනිල් හෙට්ටි­ආ­රච්චි මහතා ඊයේ (21) නියෝග කළේය.

සිවිල් හා දේශ­පා­ලන සම්මුති පනත, පරි­ග­ණක අප­රාධ පණතේ 06 වැනි වග­න්තිය සහ සහ ලංකා දන්ඩ නීති සංග්‍ර­හයේ 290 වග­න්තිය යටතේ වර­දක් සිදු­කර ඇතැයි සඳ­හන් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශය මෙම සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථාවේ දී මෙම කරුණු ඉදි­රි­පත් විය. කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ මෙම සැක­කාර චීව­ර­ධා­රියා සම්බ­න්ධ­යෙන් මෙවැ­නිම ආකා­රයේ නඩු­වක් විභාග වෙමින් පව­තින අව­ස්ථා­වක මොහු ඇප මත සිටි­මින් එවැ­නිම වැරදි දිගින් දිග­ටම සිදු­ක­ර­මින් සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­කරු සිදු­කර ඇති වැරැද්ද සම්බ­න්ධ­යෙන් කරුණු පහදා දී ඔහුගේ නිවසේ දී එනම් කල­හෙ­ඩි­හේන ප්‍රදේ­ශයේ දී ඊයේ (21) පෙර­ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැක­කාර චීව­ර­ධා­රියා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පැවැ­සීය. මෙම සැක­කරු ඇප මත සිටි­මින් නැව­තත් නුගේ­ගොඩ ප්‍රදේ­ශයේ සිට යූ ටියුබ් නාලි­කා­වක් ඔස්සේ බුදු දහ­මට මෙන්ම භික්ෂූන් වහ­න්සේ­ලාට අප­හාස වන අයු­රින් මාධ්‍ය සාක­ච්ඡා­වක් පවත්වා ඇති බවත්, ඒ සම්බ­න්ධ­යෙන් භික්ෂූන් වහ­න්සේ­ලා­ගෙන් මෙන්ම ගිහි ජන­තා­ව­ගෙන්ද විශාල පැමි­ණිලි ප්‍රමා­ණ­යක් ලැබීම හේතු­වෙන් මෙම විම­ර්ශ­නය ආරම්භ කළ බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය. බෞද්ධ භික්ෂු­වක් වශ­යෙන් නිර්වා­ණය සාක්ෂාත් කර ගැනී­මට නම් කැප අකැප සියලු දේ අත්හදා බැලිය යුතු බවත් නොඑසේ නම් නිර්වා­ණය අව­බෝධ කර­ගත නොහැකි බවත් යනු­වෙන් සඳ­හන් කර­මින් මෙම සැක­කාර චීව­ර­ධා­රියා බෞද්ධ ආගම හා දර්ශ­නය විකෘති වන ආකා­රයේ ප්‍රකාශ මෙම මාධ්‍ය සාක­ච්ඡාවේ දී ප්‍රකාශ කර ඇතැ­යිද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය. සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා සඳ­හන් කර සිටියේ මෙම සැක­කරු සම්බ­න්ධ­යෙන් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පව­තින නඩුවේ දී ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝ­ග­යක් නිකුත් කර­මින් සඳ­හන් කර සිටියේ මෙම වරද සිවිල් හා දේශ­පා­ලන පන­තට නො වැටෙන බවත්, ඒ හෙයින් මෙම නඩු­වට ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව එම පනත අදාළ කර­ගෙන ඇති බවත්ය. එම සිද්ධි­යට අදා­ළව ලබන 24 වැනිදා කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වන ලෙසට තම සේවා දාය­ක­යාට නොතීසි නිකුත් ව ඇති බව ද නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. එම නඩු­වට අදා­ළව තම සේවා දාය­කයා ඇප මත සිටින බැවින් මෙම නඩු­ව­ටද ඇප ලබා­දෙන ලෙසට නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය. ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රයා වැඩි­දුර විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන ලෙසට අප­රාධ පරී­ක්ෂ­ණ­යට දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කර­මින් ලබන 26 වැනිදා තෙක් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය.

එම සිදු­වී­මත් සමඟ රත්න­පුර විමල බුද්ධි හිමි හෙවත් සැක­කරු ශිෂ්‍ය­භා­ව­යෙන් හා නිකා­යෙන් නෙර­පී­මට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැ­ම්බර් මස 15 වැනිදා ඒක­ම­ති­කව තීර­ණය කර තිබුණි. ඒ ඔහු පැවිදි කරවූ උරු­වල විනීත හිමි­යන් සිදු­කළ ඉල්ලී­මක්ද සැල­කි­ල්ලට ගනි­මිනි. ඒ අනුව, අග්ග­මහා පණ්ඩි­තය මකු­ලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහ­නා­යක මහ­නා­හි­මි­යන් ඒ බව බෞද්ධ කට­යුතු පිළි­බඳ කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට ලිඛි­තව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *