ගාල්ල ශ්‍රී හෘදය කන්‍යා­රා­මයේ ගණ­කා­ධි­කරණ විභාග දරු­වන්ට අසා­ධා­ර­ණ­යක්

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යා­රා­මයේ ශාලා අංක 2 විභාග මධ්‍ය­ස්ථා­න­යේදී උසස් පෙළ විභා­ගයේ පෙරේදා (20) පැවති ගණ­කා­ධි­ක­රණ ප්‍රශ්න පත්‍ර­යට පිළි­තුරු ලිය­මින් සිටි තම දරු­වන්ට බල­වත් අසා­ධා­ර­ණ­යක් සිදු වූ බව එම දරු­වන්ගේ දෙමා­පියෝ පව­සති.

ඔවුන් පව­සන්නේ දරු­වන් ප්‍රශ්න පත්‍ර­යට පිළි­තුරු ලිය­මින් සිටින විට ඔවුන් ගෙනෙන ලද ගණක (කැල්කි­යු­ලේ­ටර්) යන්ත්‍ර විභාග ශාලා­ධි­ප­ති­නිය විසින් එකතු කර ගෙන ඇති බවය. පසුව විභාග ශාලා­ධි­ප­ති­නිය දකුණු පළාත් අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රි­ය­කට පවසා ඇය විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා ගන්නා ලද උප­දෙස් මත විනාඩි තිහ­කට පසුව එම ගණක යන්ත්‍ර ආපසු ලබා දී ඇති බවත් එසේ ලබා දී ඇත්තේ ඒවා කල­වම් කර නිසා තම තමන්ගේ ගණක යන්ත්‍ර තෝරා ගැනී­මට බොහෝ වේලා­වක් ගත කර­න්නට සිදුව ඇතත් ඒ සඳහා ගත වූ කාලය වෙනු­වෙන් අම­තර කාල­යක් ලබා දී නැති බවත් දෙමා­පියෝ පැව­සූහ. මේ නිසා දරු­වන් අඬ­මින් විභාග ශාලා­වෙන් පිට­තට පැමිණි බවද දෙමා­පියෝ කීහ. මේ පිළි­බඳ අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රි­යෙ­කු­ගෙන් විමසූ විට කියා සිටියේ විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් අනු­මත කරන ලද ගණක යන්ත්‍ර හැර සිසු­වි­යන් කීප දෙනෙකු වෙනත් ගණක යන්ත්‍ර ගෙන­විත් තිබූ නිසා විභාග ශාලා­ධි­ප­ති­නිය ඒවා ලබා ගෙන ඇති බවය. ඒ සම්බ­න්ධ­යෙන් දෙමා­පි­යන් පැව­සුවේ සිසු­වි­යන් විභාග ශාලාවේ වාඩි වීමට පෙර එම යන්ත්‍ර පරීක්ෂා කළ යුතුව තිබූ බවය. එම නිසා මේ සම්බ­න්ධ­යෙන් තම දරු­වන්ට සාධා­ර­ණ­යක් ඉටු කරන ලෙසද දෙමා­පියෝ ඉල්ලා සිටිති. මේ පිළි­බඳ විම­සී­මට විභා­ගය අව­සන් වීමෙන් පසු විභාග ශාලා­ධි­ප­ති­නිය හමු­වී­මට මාධ්‍ය­වේ­දීන් ගිය විට කන්‍යා සොහො­යු­රි­යන් දෙදෙ­නෙක් සහ පාසලේ මුර­කරු මාධ්‍ය­වේ­දීන්ට දොස් පවරා ඉවත්ව යන ලෙස පවසා දරු­ව­න්ගෙන් ප්‍රකාශ සට­හන් කර ගෙන ප්‍රධාන දොර­ටුව මඟ­හ­රවා වෙනත් දොර­ටු­ව­කින් යවන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *