කොළඹ රථවාහන වැරදි සෙවීම​ට CCTV මෙහෙයුම් අද සිට ඇරඹේ

කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියැදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (22) සිට ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද සිට එළඹෙන 31 වනදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ජනවාරි 31 වනදායින් පසුව දඩ පත්‍රිකා නිකුත් කිරීම ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *