අනිත් පක්ෂ මෙන් හැංගි හොරා නැතිව IMF ගිවිසුම වෙනස් කිරීම ගැන මා කෙළින් කතා කළා

අනෙකුත් පක්ෂ මෙන් සැඟවී නොසිට අයිඑම්එෆ් නියෝජිතයන් හමුවට ගොස් තම රජයක් යටතේ වත්මන් ගිවිසුම සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොල්ගහවෙල ඉෆාර්ක් විද්‍යාලයේ සිසු දරුවන් හමුවේ පෙරේදා (21) පැවසීය. ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කිරීමට තමන් කැමැති බවත් රටට ගැළපෙන විසඳුමක් සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සමඟ නැවත සාකච්ඡා කරන බවට එහි නියෝජිතයන්ට දැනුම් දුන් බවත් හෙතෙම කීවේය. සක්වල වැඩසටහන යටතේ මෙම විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අයි.එම්.එෆ්. නියෝජිතයන් තමා හමුවූ අවස්ථාවේ පැහැදිලිව කියා සිටියේ සමඟි ජන බලවේග රජය යටතේ අයි.එම්.එෆ්. සමඟ කටයුතු කිරීමට කැමති බවයි. එහි දී රටට ගැළපෙන විසඳුමක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවට සෘජුව පැවසුවා. අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරනවා යන පණිවිඩය මම දුන්නා. සෙසු පක්ෂවල පුද්ගලයන් අයි.එම්.එෆ්. නියෝජිතයන් හමුවීමට හෝ නොගොස් සැඟවී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *