වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් ගණන ඉහළට

වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින් සංඛ්‍යාව 66 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සේවකයින් පිරිසකගේ සේවයයි මෙලෙස අත්හිටුවා ඇත්තේ.

අදාළ විරෝධතාවයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමට බාධා කළ මුදල් භාරකරුවන් 15 දෙනෙකුගේ සේවය අත්හිටවූ බව විදුලිබල මණ්ඩලය ඊයේ (19) ප්‍රකාශ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *