වීර ක්‍රියාවක් කළ ත්‍රීරෝද රථ රියදුරුට පොලිස් උපහාර

කාන්තාවකගේ රන්මාලයක් කඩාගෙන යතුරු පැදියකින් පලා යාමට උත්සාහ ගත් සැකකරුවන් දෙදෙනෙකුගේ ගමන් මග තමන්ගේ ත්‍රී රෝද රථයෙන් හරස් කර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගත් ත්‍රීරෝද රථ රියදුරකුට මීරිගම මුගුරුගම්පල විහාරයේදී උපහාර පුද කර ති‌බෙයි.

මෙසේ උපහාර සම්මානයට පාත්‍ර වූයේ හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එස්.ටී. තරිඳු ලක්ෂාන් රූප සිංහ මහතාය.

ඉකුත් දා ඒ මහතා මීරිගම නගරය දෙසට ගමන් කරමින් සිටිය දී රේන්ද පොළ හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කාන්තාවකගේ මාලය කඩාගෙන යනවා දැක තමන්ගේ ත්‍රී රෝද රථයෙන් ඔවුන්ගේ ගමන් මඟ හරස් කිරීම නිසා ජනතා සහය ඇතිව සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි විය .

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මීරිගම මුගුරුගම්පල අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති යුක්තියට මසක් පිරීම නිමිත්තෙන් වූ බෝධි පූජා පින්කම අවසානයේ දී එහි විහාරාධිපති මැදපිටියේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම උපහාර තිළිණ ප්‍රදානය සිදුවිය .

විහාරාධිපති හිමියන් සහ මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා ලක්ෂාන් රූප සිංහ මහතාට තිළිණ ප්‍රදානය කළ අවස්ථාව මෙහි දැක්වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *