කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යයි

කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (18) මිය ගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි

මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි

මෙම සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙයි.

මිය ගොස් ඇති රැඳවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *