රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද සංකේත වැඩ වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් අජිත් රත්නායක සඳහන් කළේ, අද උදෑසන 7.00 සිට එම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.

වෛද්‍යවරුන්ට වැඩිකළ දීමනා තමන්ටද ලබාදෙන ඉල්ලා ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *