යුක්තිය මෙහෙයුමෙන් තවත් 1,024 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 13 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 8 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 92 දෙනෙකුද, විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත්ව තිබු සැකකරුවන් 211 දෙනෙකු ද, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 දෙනෙකු සහ බාල අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11 දෙනෙකු අපරාධ අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 227 g ක්, අයිස් 168 g ක්, ගංජා 8 kg 40 g ක්, ගංජා පැල 13,892 ක් හා මත්පෙති 647 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *