ශ්‍රී ලංකා ඉනිමට චරිත් හා ඇන්ජලෝගෙන් හොඳ ජවයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙයි

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් චරිත් අසලංක ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

මේ වන විට පන්දුවාර 2 යි පන්දු 03 ක් අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 11 ක් රැස් කර පන්දුවට පහර දෙමින් සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *