අධිවේගයේ බෙලිඅත්ත පිවිසුම අසල බස් රථයක් ගිණි ගනී

බදුල්ලේ සිට කොළඹ බලා අධිවේගයේ මාර්ගයේ ගමන් කළ බස් රථයක් අද (15) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ගිනිගෙන තිබේ.

සවස දෙකයි තිහට පමණ මෙම ගිනි ගැනීම සිදු වී තිබේ .

ගින්නෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර මගීන්ට කිසිදු අනතුරක් සිදුව නොමැත.

බස් රථයේ ඉදිරිපසින් දුමක් ඇතිවීමත් සමග රියදුරු බස් රථය නවත්වා ඇති අතර ඉන් පසුව බස් රථයෙන් මගින් බැස තිබේ.

ඊට ටික වෙලාවකින් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිවන රථ පැමිණ ගින්න මැඩපවත්වා තිබේ.

බස් රථය ගිනි ගැනීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම හා බෙලිඅත්ත පිවිසුම අතර කොළඹ දෙසට ඇති මාර්ගය පැයකට ආසන්න කාලයක් වසා දමා තිබුණි .

ගිනිගත් බස් රථයේ පැමිණි පිරිස් වෙනත් බස් රථ දෙකක් ගෙන්වා කොළඹ දක්වා රැගෙන යන්නට පොලිසිය පියවර ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පිවිසුමේ රථ වාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *