යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ අද (13) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 22 ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 299 ක්, අයිස් ග්‍රෑම් 172 යි මිලිග්‍රෑම් 40 ක් සහ මත්පෙති 1,233 ක් ආරක්ෂක අංශ භාරයට ගත් බව ද වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *