ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයක්, ​​අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුකළ හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

කෙසේවෙතත් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද ගුවන් හමුදාව පවසයි.

ඒ අනුව, පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් හමුදා MI-17 හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *