IMF නියෝජිත පිරිස ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ඔවුන් අද (11) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් හමුවිමට නියමිත බවත් පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බවත්ය.

මෙම නියෝජිත කණ්ඩායම ජනවාරි 19 වැනිදා දක්වා මෙරට සිටිනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *