පුරා වස්තු සොයා කැණීම් කළ පහක් අත්අඩංගුවට

වාලච්චේන පොට්ටුකුලම් ප්‍රදේශයේ පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 40,46 සහ 49 යන වයස්වල පසුවන මාතර, වැලිකන්ද, අම්පාර, මැදිරිගිරිය හා ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *