යුක්තිය පොලිස් මෙහෙයුමෙන් තවත් 999 ක් අත්අඩංගුවට

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 31 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 26 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 54 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 453g ක්, අයිස් 306g 40mg ක්, කොකේන් 940g ක්, ගංජා 57 kg 317g ක්, ගංජා පැල 31168 ක් හා මත්පෙති 234 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *