ඩෙංගු මර්දන වැඩසටහන යටතේ රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම අද

දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද (10) දිනය යොදා ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.

ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් තෙදින ඩෙංගු මර්ද​න වැඩසටහනක් පසුගිය ඉරිදා සිට ආරම්භ කළ බවයි ඔහු සඳහන් කළේ.

සියලුම ආයතන ප්‍රධානීන් තම තමන්ගේ ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ කටයුතුවල නිරතවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *