SL vs ZIM: ශ්‍රී ලංකාවට ලකුණු 209 ක ඉලක්කයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 208 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Craig Ervine ලකුණු 82 ක් හා Ryan Burl ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂ්මන්ත චමීර හා ජෙෆ්රි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 209 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *