ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ

උණ රෝගය ආසාදිත ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 07 දෙනෙකු මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබයි.

රැඳවියන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ හේතුවෙන් මිය ගිය අතර ඉන් අනතුරුව රැඳවියන් කිහිපදෙනෙකු උණ රෝගයට ගොදුරුවු පළමු අවස්ථාව මෙයවේ.

මේ අතර උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ මාතර බන්ධනාගාර රැඳවියන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *