ටෙස්ට් පිටියට සමුදෙන ඩේවිඩ් වෝනර්

ජයග්‍රාහී අවසානයක් සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර සිඩ්නිහි දී පැවති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 08ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඔහු 2011 වසරේදී සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ අතර පසුව ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර තිබෙනවා

එමෙන්ම වෝනර් පිටියට සමුදෙන විට රස කරගෙන සිටි ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 8,786ක්.

ඊට ශතක 26ක් සහ අර්ධ ශතක 37ක් ඇතුළත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *