ගුවනින් ආ පාර්සල්වලින් හමුවූ පුදුම හිතෙන දෑ

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳපොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ පාර්සල් 11 ක් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන තිබේ.

ඊයේ(05) සවස මේවා අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මේ පාර්සල් එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් කොළඹ , නුගේගොඩ , පානදුර , අනුරාධපුරය සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණු බව සදහන් වේ.

පාර්සල් තුළ එක්ස්ටැසී හෙවත් මෙතැම්පටමයින් පෙති 1,055 ක් , ” කුෂ් ” නැමැති ගංජා ග්‍රෑම් 318 ක් සහ ගංජා ඇට 15 ක් ද තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *