මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින පිරිස මුදවා ගැනීමට විදේශ ඇමති‍ගෙන් ඉල්ලීමක්

මියන්මාර ත්‍රස්තයන් විසින් රඳවාගෙන ඇතැයි පැවසෙන ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් අද මියන්මාරයේ උප අගමැති සහ විදේශ ඇමතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මියන්මාරයේ ත්‍රස්ත සංවිධානයක් මගින් එරට කඳවුරක ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවයේ යොදවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *