කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඉදිරි දිනවලදී කීරි සම්බා තොගයක් මෙරටට ගෙන එන බවත් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

එසේම, ලබන 21 වැනිදාට පෙර කීරි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට කටයුතු කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කරනවා.

එම ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *