පසුගිය පැය 24 දී යුක්තිය මෙහෙයුමෙන් 1554 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම මගින් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් 82 ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, තවත් සැකකරුවන් 02 ක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන බවත් වාර්තා වනවා.

එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 දෙනෙකු ද පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

* හෙරොයින් 590g* අයිස් 01kg 300g* ගංජා 06kg 330 g* ගංජා පැල 4104 ක්* මාවා 505g * මත්පෙති 119

Leave a Reply

Your email address will not be published. Required fields are marked *