පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,422 ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,422 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඉන් සැකකරුවන් 35 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේ.

එසේම, සැකකරුවන් 3 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද සඳහන්.

මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් 347g, අයිස් 827g, ගංජා 05kg 475 g, ගංජා පැළ 6,691, මාවා 208 g, මත්පෙති 3,574 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *