CIDය කෙහෙළියගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබාගනියි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් මේ වන විට ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් මෙම ප්‍රකාශය ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *